දේශීය

මටත් ඕනෑ ක්‍රිකට්වලින් යළි රට දිනවන්නයි – ජනපති

ක්‍රිකට්වලින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවීමට සහ ආර්ථික යුද්ධය ජය ගනිමින් සිටින අපට නැවත ක්‍රිකට්වලින් රට දිනවන්න බැරිකමක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේ, ගාමිණි දිසානායක මහතා විසින් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ලොව ඉදිරියේ නගාසිටුවන්න විශාල මෙහෙවරක් ඉටුකළ බවත් එම කාරණයේදී පාසල් වලින් දක්ෂ ක්‍රීඩකයන් ඉදිරියට ගැනීමේ වගකීමට තමාටත් උරදීමට සිදුවූ බවත් එදා එම ක්‍රියාදාමවල ප්‍රතිඵලයක් ලෙස අර්ජුන රණතුංග මහතා ඇතුළු සෙසු ක්‍රීඩකයන් විශාල පිරිසක් ලෝක කුසලානය අපට හිමිකර දීම දක්වා ඉදිරියට ගැනීමට ඉඩ ලැබුණු බවයි.

රටට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට අලි සබ්රි ඇමැතිවරයා ඇතුළු කමිටුවක් ප්‍රයත්න දරමින් සිටින බව ඔහු පවසනවා.

අදටත් ගම්බද ක්‍රිකට් ක්‍රීඩාවට දක්‍ෂ දරුවන් සිටින නමුත් ඔවුන්ට අනුග්‍රහය ප්‍රමාණවත් නොවන හෙයින් මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කළ බව කී ජනපතිවරයා දුෂ්කරතා මැද වුවත් මෙවර ඉදිරිපත් කර ඇති අයවැය රටේ ආර්ථිකය අනාගතය තුළ දිනවීමට ඇති එකම විසඳුම බවද සඳහන් කළා.

එයට වඩා තවත් විසඳුමක් නොමැති බව කී ජනපතිවරයා මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට තවත් පිළිතුරක් ලබා දෙමින් පැවසුවේ I.M.F සමග අප අත්සන් කළ ගිවිසුම අනුව අයවැයද සැකසූ බවයි.

මේ රටේ විශාලම පෞද්ගලීකරණය ඉදිරියේ සිදුවන බවත් රජය සතු විශාල ඉඩම් ප්‍රමාණයක් ජනතාවට හිමිකර දීම හා නිවාස අයිතිය ලබාදීම සිදුකරන බවද ජනපතිවරයා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button