දේශීය
ගුරු වෘත්තියට හොඳම තැන දෙනවා – අනුර

තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරන බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, උතුරේත් දකුණේත් නැගෙනහිරත් සෑම සියලු දෙනාම වෙනසක් බලාපොරොත්තු වන බවත් දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ගේ සහය ද ඒ සඳහා ඉල්ලා සිටින බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ මඩකලපුව පැවති ගුරු සමුළුව අමතමින්.
ජාතික ජන බලවේගය සමඟ හැප්පීමට තරම් දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක් දැනට නැති බවද ඔහු එහිදී සඳහන් කළා.
දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට ඒ භාෂාවෙන්ම රජය සමඟ කටයුතු කිරීමට අවස්ථාව දෙන බවත් ඔවුන්ගේ ආගම සංස්කෘතිය ආරක්ෂා කරමින් ඒවා ගොඩනැගීම සඳහා අවශ්‍යය සියලු දේවල් සම්පාදනය කර දෙන බවත් අනුර කුමාර දිසානායක මහතා පවසනවා.