විදෙස්

ඉන්ධන ට්‍රක් රථවලට ගාසා තීරයට ඇතුළු වීමට අවසර

දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර ලබා දෙන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ, ඒ වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟවීම හේතුවෙන් බවයි.

මෙම අවසරය ලබාදී ඇත්තේ අමෙරිකාව විසින් ඊශ්‍රායලයට කරන ලද බලපෑම් මත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බොහොමයක් ආධාර බෙදා හරින ට්‍රක් රථ සඳහා මෙන්ම ජලය සහ සනීපාරක්ෂාව සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය වීම සඳහා අදහස් කරන බව අදාළ නිලධාරියා පවසා ඇති බවයි.

ඉතිරිය ඉන්ධන නොමැතිකම හේතුවෙන් ඇනහිට තිබූ ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා සඳහා භාවිතා කරනු ඇති බව වාර්තාවනවා.

සිකුරාදා, ගාසාහි සන්නිවේදන සපයන සමාගම පැවසුවේ පලස්තීන සරණාගතයින් සඳහාවන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය හරහා ඉන්ධන ස්වල්පයක් ලැබීමෙන් පසු එහි සේවාවන් ආපසු යථා තත්ත්වයට පත්වූ බවයි.

මෙම ඉන්ධන ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වොෂින්ටනය ඊශ්‍රායලයට සැලකිය යුතු පීඩනයක් එල්ල කළ බව එක්සත් ජනපද නිලධාරියා පවසනවා.

පවතින ගැටුම් හමුවේ ගාසා තීරයේ ඉන්ධන නොමැතිකම සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා සෞඛ්‍ය සේවා පද්ධතිය සහ සනීපාරක්ෂක පහසුකම් දැඩි ලෙස කඩාවැටීමකට ලක්වා ඇති බවත් ඒම තත්ත්වය “කනස්සල්ලට පත්වන ප්‍රවණතා” බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මීට පෙර සදහන් කර තිබුණා.

එමෙන්ම පලස්තීන ප්‍රදේශයේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත රිචඩ් පීපර්කෝන් පැවසුවේ උග්‍ර ශ්වසන ආසාදන වැළැදුන් පුද්ගලයින් 70,000 කට වැඩි ප්‍රමාණයක් සහ පාචනය රෝගීන් 44,000 කට වඩා වාර්තාවී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button