දේශීය

තලාව OICට පහර දුන් පහක් අත්අඩංගුවට

තලාව, සුමුදුගම ප්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය කසිප්පු පොලක් වැටලිමට ගිය තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක L.M.M.K ලංසකාර මහතාට මන්නා පිහියකින් පහරදි තුවාල කිරීමේ සිද්ධියට කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වන විට රෝහල්ගත කර ඇති බව​යි තලාව පොලිසිය පවසන්නේ.

ලැබුණු තොරතුරකට අනුව  පොලිස් කණ්ඩායමක් නිති විරෝධි කසිප්පු පොල වැටලීමට ගොස් තිබෙනවා.

එහිදී මත්පැන් ජාවාරම්කරුවා සහ ඔහුගේ හිතවතුන් පොලිස් නිලධාරින්ට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරිමේ හේතුවෙන් එම පොලිස් නිලධාරින් විසින් ඒ බව තලාව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්දි තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා ගැටුම සමථයකට පත්කොට සැකකරැවන් අත්අඩංගුවට ගැනිමට උත්සහා කිරිමේදි පුද්ගලයෙකු විසින් මන්නා පිහියකින් පහර දිමේ හේතුවෙන් ඔහුගේ හිසට හා වම් අතට බරපතල තුවාල සිදුවිම නිසා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලද බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සුමුදුගම ප්‍රදේශයේ වයස අවුරුදු 30 ත් 49 අතර වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මෙලෙ​ස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button