එමිරේට්ස් සහ ශ්‍රීලංකන් එකතු වෙයි

ඩුබායි එමිරේට්ස් සහ ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් සමාගම් දෙකෙහිම මගීන් සඳහා සම්බන්ධතාව ඉහළ නැංවීම අරමුණෙන් අන්‍යෝන්‍ය අන්තර් සම්බන්ධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ, මෙම හවුල්කාරිත්වය මගින් කොළඹ සහ ඩුබායි හරහා එකිනෙකාගේ ජාලවල නව ස්ථාන වෙත ප්‍රවේශ වීමටත්, ගමන් මලු මාරු කිරීමේ පහසුව භුක්ති විඳීමටත් මගීන්ට පහසුකම් සැලසෙන බවයි.
එමිරේට්ස් මගීන්ට තෝරා ගැනීම සඳහා, කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන කලාපීය ගමනාන්ත 15ක් අන්තර් මාර්ග හවුල්කාරිත්වය මඟින් විවෘත කරන බැවින් ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව ක්‍රියාත්මක බවද එහිදී සඳහන් කරනවා.
එහිදී මාලදිවයිනේ ගැන් දූපතට අමතරව නව ඉන්දියානු ගමනාන්ත දෙකක් වන මදුරෙයි සහ තිරුචිරපල්ලි ඇතුළත් වන බවත්, පාරිභෝගිකයින්ට ඉතා පහසු ගමන් මලු ප්‍රතිපත්තියක් සහ ගමන් මලු පිරික්සීමේ පහසුව භුක්ති විඳිමින් තනි ප්‍රවේශපත්‍රයකින් ගමන් කළ හැකි බව එම සමාගම පවසනවා.