දේශීය
ආර්ථික ඝාතනය කෘතිය සැප්. 25 වැනි දින ජනගත කෙරේ

මාධ්‍යවේදි ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා විසින් රචිත ‘ආර්ථික ඝාතනය’ කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 25 වැනි සඳුදා පෙ.ව. 11.30 සිට ප.ව 1.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
රට බංකොලොත් කිරීමේ ඇත්ත කතාව හෙළිදරව් කරමින් සහ ඊට බලපාන ලද දිගුකාලීන සහ කෙටිකාලීන හේතු ආර්ථීකමය වශයෙන් විග්‍රහ කරමින් මෙම කෘතිය රචනා කර තිබෙනවා.
මෙය ශ්‍යාම් මහතා විසින් රචිත සහ සංස්කරණය කළ ග්‍රන්ථ මාලාවේ 20 වැනි කෘතියයි.
මෙම ග්‍රන්ථය ජනගත කරන අවස්ථාවට ආර්ථික හා මූල්‍ය අංශවල නියෝජිතයන් රැසක් සහභාගි වීමට නියමිතයි.