දේශීය

විජේදාසට එරෙහි දුමින්දගේ නඩු විභාගය අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් එහි වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ වාරණ නියෝගය පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර ලබා දී තිබෙනවා.

මෙම පත්වීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති නිසා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කළ නොහැකි බවට විජයදාස රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඊයේ (14) දින විරෝධතා මතු කර තිබුණා. 

ඒ අනුව දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඒ මහතාගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන බව නියෝගයේ සඳහන්.

එම වාරණ නියෝගය පිළිබඳව වැඩිදුරටත් අද දහවල් කරුණු දැක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතා මෙම නඩුව පවරා තිබූ අතර විත්තිකාර  රාජපක්ෂ මහතාට සභාපති ධූරයේ කටයුතු කළ නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කටයුතුවලට හා වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන තමන්ට බාධා කිරීම් සිදු කිරීම වළක්වමින් වාරණ නියෝග නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button