දේශීය
සෞඛ්‍ය ලේකම් පුටුවේ වැඩ භාර ගත් වෛද්‍ය පාලිත මහීපාල

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කෙරුණු විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා රාජකාරී කටයුතු අද(20) ආරම්භ කර තිබෙනවා.
ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හට වැඩභාර ගැනීමෙන් අනතුරුව පැමිණි සිටි නිළධාරීන් හා කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කළ අතර නව ලේකම්වරයා ඔවුන් සමග සුහද කතාබහකද නිරත වුණා.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම්වරයෙකු වශයෙනුත් සේවය කර ඇති බව සඳහන්වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම සංවිධානයේ නියෝජිතවරයෙකු වශයෙන්ද පත්කර තිබුණු අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කල එතුමා කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙක් බව සඳහන්.