දේශීය
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විදේශීය ආයෝජකයෙකුට විකිණීමට තීරණයක්.

ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49%ක් කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49%ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 51%ක බහුතර කොටස් රජය සන්තකයේ තබාගනිමින් ඉතිරි 49%ක කොටස් විදේශීය ආයෝජකයෙකුට විකිණීමට රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදාල අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.
මෙහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.126 ක් වන බවත් එය රුපියල්වලින් බිලියන 401 ක් බවයි.