දේශීය
ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා ගැන විවාදයට දින දෙයි

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 යන දිනවලදී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.
එයට අදාළ ඡන්ද විමසීම ජූලි 3 වන දින පස්වරුවේ පැවැත් වෙනු ඇති.
මේ අතර ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර තිබෙනවා.
එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළා.