ක්‍රීඩා

දෙබරවැව සුරා ටෙස්ට් පිටියට සමුදෙයි…

වසර 13ක කාලයක් ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය ශක්තිමත් කළ සුරංග ලක්මාල් අද ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නා.

කෙසේ වෙතත් ලක්මාල්ගේ සමුගැනීමද පරාජයකින් කෙළවර වුයේ ඉන්දියාව සමග පැවති දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව අද ලකුණු 238කින් පරාජයට පත්වීමත් සමගයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් නායකත්වය දැරු එකම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව ටෙස්ට් නායකත්වය ලබාදුන් 14 වන නායකයායි.

ටෙස්ට් තරග 5කදී ශ්‍රී ලංකාබට නායකත්වය දුන් සුරංග ලක්මාල් ඉන් තරග 3කදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා මෙහෙයවා ඇති අතර පරාජයට පත්ව ඇත්තේ තරග 2ක් පමණයි.

ගතවූ දශකයේ ශ්‍රී ලංකාව බිහිකළ සාර්ථකම වේගපන්දු යවන්නා වන සුරංග ලක්මාල් ටෙස්ට් තරග 70කදී කඩුලු 171ක් දවාගෙන ඇත්තේ කඩුලු 05ක් ලබාගත් අවස්ථා 04ක්ද සමගින්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button