දේශීය
දමිතා සජබ ලැයිස්තුවෙන් එළියට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බවට වාර්තාවනවා.
ඇය මහා මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.
දමිතා අබේරත්න මහත්මිය තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බව ඊයේ (10) මාධ්‍යට පැවසුවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ හේශා විතාන මහතා සඳහන් කළේ ඇය කලාකාරිනියක් වශයෙන් පක්ෂයට කොතෙක් සහයක් ලබා දුන් රත්නපුර දිස්ත්‍රික්ක ලැයිස්තුවට පිටින් ආනයනය කරන අපේක්ෂකයින් ඇතුළත් නොකිරීමට තීරණය කළ බවයි.