දේශීය

Breaking : මෛත්‍රීට වැඩ වරදියි. ජනාධිපති සමාව දීපු එක හරහට හිටලා

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන් වුණා.

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන් වුණා.

ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් මෙහිදී නියෝග කෙරුණා.

මේ අතර, අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම, මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා නියම කළා.

විත්තිකරු වන ජූඩ් ශමන්ත වෙත ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමින් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනුණා.

ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරුණා.

කෙසේවෙතත්, එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසුව  2012 වසරේදී අභියාචනාධිකරණය විසින් ජූඩ් ශමන්ත වෙත මරණ දඬුවම ලබා දෙනු ලැබුවා.

ඉන් අනතුරුව විත්තිකාර පාර්ශ්වය ඒ අභියාචනාධිකරණ තීන්දුවද අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ අතර, අවසානයේ මේ මරණයේ සියලු චෝදනා ජූඩ් ශ්‍රමන්ත නම් විත්තිකරු වෙත පවරමින් මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයටද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා.

කෙසේවෙතත්, ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබෙනවා.

අනතුරුව,  සිය ධූර කාලය අවසන් වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී  එවකට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ නොවැම්බර් 10 වන දින  ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ වෙත පූර්ණ ජනාධිපති සමාව ප්‍රධානය කිරීමට කටයුතු කළා.

අදාළ ජනාධිපති සමාව පිළිබදව එවක ජනාධිපති මාධ්‍ය අංශය 2019 වසරේ නොවැම්බර් 11 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ඉල්ලීමක් මත සිදුවූවක් බවයි.

19 හැවිරිදි ඉවෝන් ජොන්සන්ගේ ඝාතනයට වරදකරු වූ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම හා සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් සිදුකළ බවද එම නිවේදනයේ දැක්වුණා.

ජූඩ් ශ‍්‍රමන්තගේ දෙමාපියන් ජනාධිපතිවරයා හමුවීමට සළස්වා මේ ගැන දීර්ඝ කරුණු පැහැදිලිකිරිමක් අතුරලියේ රතන හිමියන් සිදුකළ බව එම නිවේදනයේ සඳහන් වුණා.

මෙම සිද්ධිය තරුණයෙක් සහ තරුණියක් අතර ප්‍රේම සම්බන්ධයක් මුල්කරගත් ආරවුලක් බවත්, ජූඩ් ශ‍්‍රමන්ත බන්ධනාගාරය තුළ යහපත් කල් ක්‍රියාවෙන් යුක්තව ආචාර්ය උපාධිය හදාරමින් සිටින උගත් බුද්ධිමත් තරුණයෙක් බවින් ඔහුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස අතුරලියේ රතන හිමියන් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය මගින් පැහැදිලි කර තිබුණා.

බුද්ධ දේශනාව අනුව යමින් කරුණා, දයානුකම්පාවෙන් යුක්තව මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අතුරලියේ රතන හිමියන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button