ක්‍රීඩා
ආසියානු කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම හිමිකරගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.
අවසන් තරගයේදී ප්‍රබල සටනකින් පසුව ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත්තා.
තරගය ලකුණු 19කින් ජයගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 25ක් රැස්කර ගත් අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 23ක් රැස්කරගත්තා.
පන්දු යැවීමේදී Titas Sadhu අගනා පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 6කට කඩුලු 3ක්ද, Rajeshwari Gayakwad කඩුලු 2ක්ද දවාගැනීමට සමත්වුණා.
ඒ අනුව, පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කරගත්තේ ලකුණු 97ක් පමණි.