විශේෂාංග

දුස් තොරතුරු මැඩලීමට අරෝෂ ප්‍රනාන්දු ජනාධිපති මාධ්‍ය අංශයට

ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු සත්‍යපනය පිලිබද නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ තනතුරට සදුන් අරෝෂ ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ඊට අමතරව කර්තෘ මණ්ඩල – ඉංග්‍රිසී අංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද අරෝෂ ප්‍රනාන්දු කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් ආරම්භ කල පලමු තොරතුරු පරීක්ෂා කිරිමේ සේවය වන Citizen Fact Check හි සම නිර්මාතෘවරයෙක් වන අරෝෂ , එහි ප්‍රධාන සංස්කාරක ලෙස මීට පෙර කටයුතු කළා. ජාත්‍යන්තර තොරතුරු පරික්ෂා කරන්නගේ සංගමයේ (IFCN) පුහුණුව ලද අරෝෂ මෙරට දුස් තොරතුරු (Disinformation) මැඩලීමේ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල අයෙක්. ඔහු සිය ශාස්ත්‍රපති උපාධිය අධ්‍යනය කරන්නේද දුස් තොරතුරු අංශයෙන්.

තොරතුරු පරික්ෂා කිරීමේ ක්ෂේත්‍රයට අමතරව ඔහු මහා බ්‍රිතාන්‍යයේ ස්කයි පුවත් (Sky News – UK ) ආයතනයේ මෙරට ප්‍රවෘත්ති නිෂ්පාදක ලෙසද කටයුතු කළා.

2011 වසරේදී විදුසර පුවත්පතින් මාධ්‍ය වෘත්තීය ආරම්භ කල අරෝෂ සියත , හිරු රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කල අතර වසරේ හොදම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි රයිගම් සම්මානයෙන් ද ඔහු වරෙක පිදුම් ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button