දේශීය
පිරවුම්හල්වලට හමුදාව යොදවයි

ඉන්ධන හිඟයත් සමග පිරවුම්හල්වල ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා හමුදාව යෙදවීමට තීරණය කර තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ප්‍රකාශ කර තිබෙනවා
ඉන්ධන ලබා ගැනීමට පොරකන ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයන් හටගැනීම ද මේ දිනවල වාර්තා වනවා. මේ හේතුවෙන් පුද්ගලයින් අතර බහින්බස් වීමෙන් ඇතිවන ආරවුල් හේතුවෙන් පුද්ගල ඝාතනයන් ද සිදුවන අයුරු දක්නට ලැබෙනවා.
දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් පිරවුම්හල්වල අසල දිගු පෝලිම් දක්නට ලැබීම මීට හේතුවයි.