දේශීය
දේශීය මත්පැන් හඳුනාගැනීමට ක්‍රමයක්

අප්‍රේල් මස 01 වනදා සිට දේශීය මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර ඇති බව ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මාසයේ දී ආරම්භ කළ බවද, මුද්‍රණය කිරීමේ දී මතු වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කල්දැමීමට සිදුවූ බවද සුරාබදු අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කර ඇත.
ඒ අනුව, මෙම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ඉදිරියේ දී සිදුකෙරෙන බවත් ආරක්ෂිත ස්ටිකරය ඇලවීමට නොහැකි දේශීය මත්පැන් සඳහා ඩිජිටල් සලකුණක් යෙදවීම අනිවාර්ය කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.