අපහසාත්මක ප්‍රකාශයකට වන්දි ඉල්ලා අනුර අධිකරණයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (29) කොළඹ දිසා අධිකරණයට පැමිණ තිබෙනවා.
ඒ හිටපු අමාත්‍ය පර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ දේවේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා සාක්ෂි ලබා දෙමින්.
සාක්ෂි ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර ශාලාවේ 2017 වසරේදී සංවිධානය කළේ යැයි කියන රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බවයි.
එහිදී කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා ඉදිරියේ සාක්ෂි කැඳවනු ලැබුවා.
කැලණිය විශ්ව විද්‍යාලීයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු ලේඛන දහයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසට අනුර කුමාර මහතා එහිදී ඉල්ලා සිටියා.