දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක්

මෙරට තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදුකළ යුතු අතර පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර තිබෙනවා.

කෙසේවෙතත් එලෙස ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවට පැමිණිලි ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

එවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්​ම එවැනි ආයතන සහ වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා.

සුදුසුකම් සපුරා නොමැති ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව තොරතුරු  ලබාදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button