දේශීය
දේවගැති ජෙරම් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ චමත් මොරායිස් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.
අධිකරණ නියෝගයේ සඳහන්වන්නේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි.