විදෙස්
පලස්තීනයේ පුරාවිද්‍යා ස්ථානයක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ ලෝක උරුම කමිටුව විසින් ජෝර්දාන නිම්නයේ පිහිටා ඇති ජෙරිකෝ නගරයේ ටෙල් එස්-සුල්තාන් පුරාවිද්‍යා ස්ථානය පලස්තීනයේ ලෝක උරුම අඩවියක් ලෙස ලැයිස්තුගත කිරීමට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
යුනෙස්කෝ සංවිධානය සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ, රියාද්හි පැවති සම්මන්ත්‍රණයකදී මෙම තීරණය ගත් බවයි.
වසර 9000 පෙර සිට ලෝකයේ අඛණ්ඩව ජනාවාස වූ පැරණිතම නගරවලින් එකක් වන ජෙරිකෝව පිහිටා ඇත්තේ නැගෙනහිරින් ජෝර්දාන් ගඟ සහ බටහිරින් ජෙරුසලම අතරයි.
කෙසේවෙතත්, ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම තීරණයට විරෝධය දක්වමින් කියා සිටියේ මෙම ක්‍රියාව ”පලස්තීනුවන්ගේ යුනෙස්කෝ සංවිධානය දේශපාලනීකරණය කිරීමේ තවත් සලකුණක්” ලෙසයි.