සජබය රනිල් එක්ක එකතු වෙන එක ගැන සජිත්ගෙන් පිළිතුරක්

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවන බවත් ජනතාව සමග හැර ජරාජීරණ අන්ත දූෂිත දේශපාලන හවුල් සමග එක්වීමක් සමගි ජන බලවේගයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ, සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී ඇති මොහොතක ජනාධිපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ එකට වී බොරු කට කතා හදා සමාජ මාධ්‍ය වලට මුදල් ගෙවා විවිධ බොරු ප්‍රචාරයන් සිදුකරන බවත් ඒවාට නොරවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.
ජනාධිපතිවරයාට සහ මාලිමාවේ නායකයාට එකට එකතු වීමට ආසාවක් ඇති බවත් ඒ අයට එකතු විය හැකි වුවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුගරන ප්‍රතිපත්තිගරුක පක්ෂයක් වන සමගි ජන බලවේගය රට විනාශ කළ කල්ලි සමග කිසිදු අවස්ථාවක එකට එකතු නොවන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ගාල්ල ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින්.
රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇති බවත් ඔහු එහිදී සඳහන් කළා.
පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ධනය මෙන්ම සේවකයන්ද දුෂ්කරතා මැද විශාල වැඩ කොටසක් කරන බවත් පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය රෙගුලාසි සකස් කරන බවත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔවුන්ට වැඩබිමේ කරන උදාර කර්තව්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඒ යටතේ සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්‍රඥප්තියක් සකස් කරන බවයි ඔහු පවසන්නේ.
සමගි ජන බලවේගයට පැහැදිලි වැඩපිළිවෙළක් සහ දර්ශනයක් ඇති බවත් සමගි ජන බලවේගය ඉදිිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බොහෝ දේවල් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරමින් යන බවත් ඔවුන් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
අද රටේ බහුතරයක් දුප්පතුන් වී ඇති මොහොතක දුප්පත්කම තුරන් කිරීමට මසකට රු.20000 බැගින් මාස 24ක් තුළ දුප්පත්කමින් මුදවා ගන්නා බවත් ආත්ම අභිමානයෙන් ජීවත් වන පරපුරක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.