දේශීය
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මේ වසරේ ජුනි මාසය වනවිට සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ වහළ මත සවි කළ සූර්ය පැනල සහ භූමිය මත සවිකළ සූර්ය පැනල හරහායි.
වහළ මත සවි කළ සූර්ය පැනල හරහා වාර්ෂිකව අලුතින් මෙගා වොට් 150ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට රජය සැලසුම් කර තිබුණා.
ඉන් මෙගාවොට් 132ක විදුලිය ධාරිතාවක් මේ වසරේ පළමු මාස 5 තුළ දී පමණක් ජනනය කර ඇතැයි x පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.
2011 වසරේ සිට රැස්කළ දත්ත මත පදනම්ව අමාත්‍යවරයා මෙම පණිවුඩය නිකුත් කර තිබෙනවා.