දේශීය

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දමා තිබීම සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක්, අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයක් නොවන සේ කටයුතු කළ යුතු බව සහ ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button