විදෙස්

ලංකාවට එන චීන පර්යේෂණ නෞකාව ගැන අමෙරිකාව කනස්සල්ලෙන්

චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් සික්ස් නෞකාවේ ඉදිරි සංචාරය සම්බන්ධයෙන් අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති සාකච්ඡාවකදී ඇය ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව මධ්‍යස්ථ රටක් ලෙස තම භූමිය තුළ විදේශීය නැව් සහ ගුවන් යානා මෙහෙයුම් සිදු කිරීමේදී අනුගමනය කරන සම්මත ක්‍රියා පටිපාටියට අනුව කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button