ජනපතිගේ ආරාධනාව පිළිගෙන අය වැයට නව යෝජනා එවනවා – ඉරාන් වික්‍රමරත්න

මෙවර ඉදිරිපත් කළ අය වැයට වඩා හොඳ යෝජනා විපක්ෂයට තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා කළ ආරාධනාව පිළිගෙන අය වැයට නව යෝජනා ඉදිරිපත් කරන බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ප්‍රකාශ කර තිබෙනවා.
මන්ත්‍රීවරයා පවසන්නේ, අය වැය සඳහා විපක්ෂය ඉදිරිපත් කරන යෝජනා හැකිනම් කර පෙන්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මෙරට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් රටේ ආර්ථිකය ගොඩනැංවිය හැකි බවයි.
ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහස්,
“අය වැය 2024 ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යතුමා අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකවක රැගෙන ගියා. පොරොන්දු දේශපාලනයෙන් රට බංකොලොත් කළා” යනුවෙන්වූ ජනපතිතුමන්ගේ කතාවේ සත්‍යතාවක් තිබෙනවා.පෞද්ගලික අංශයේ අයට කිසිදු දෙයක් මෙවර අය – වැයෙන් ලැබුණේ නැහැ. බදු ප්‍රතිපත්තිය විවිධ වෙනස්කම් නොමැතිව පැවැතිය යුතුයි”.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් ආර්ථිකය හැදිය හැකියි. අල්ලස් ගත් ඒවාට අධිකරණ තීරණ දීලා තිබෙනවා. ඒ අයත් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා. විශ්වවිද්‍යාල ගැන මෙහිදී කතා කරලා තිබෙනවා. අය වැය යෝජනාවන් හොඳයි. අය වැය කාර්යාලයක් තිබිය යුතුයි. එවැනි දේවලට අපිත් අත් දෙකම උස්සලා සහාය දෙනවා. මේ කාර්යාල ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුයි. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් විවෘත කරන්න කියලා මම යෝජනා කරනවා:
“අලුත් වාහන ගෙන ඒම ගැන මම හොයලා බැලුවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ට පර්මිට් එකක්වත් දීලා නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයට පසුගිය අය-වැයෙන් සියයට 7ක් වෙන් කළා. මෙවර එය අඩු වෙලා තිබෙනවා. සෑම පුරවැසියන් සියයකටම වැඩිම සොල්දාදුවන් සිටින රටවල් 10 අතර ලංකාවත් තිබෙනවා. ඔවුන්ට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට හොඳ අධ්‍යාපන පුහුණුවීම් ලබා දෙන්න කියලා අපි යෝජනා කරනවා. නීති විරෝධී වෙළෙඳ ප්‍රවාහයක් තිබෙනවා. අපනයනය වැඩි කිරීමට හොඳ යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා”