දේශීය
නාමයෝජනා භාර ගැනීම හෙට සිට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් (04) ආරම්භ වනු ඇති.
ඒ අනුව ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බව, මැතිවරණ කොමිසම සඳහන් කළා.
මේ අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ, ලබන 8 වැනිදා දක්වා අයැදුම්පත් භාර ගැනීම සිදු වන බවයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණය, නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.