දේශීය

සාගලගේ රථ පෙළ වීඩියෝ කළ තරුණයෙ​ක් අත්අඩංගුවට

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා​ගේ වාහන පෙළේ දර්ශන සිය ජංගම දුරකථනයේ පටිගත කළ බව පවස​න 21 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා කොල්ලුපිටිය ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වැනි පටුමග හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ දුරකථනය පොලිසිය භාරයටද ගත් බවයි.

ප්‍රශ්න කිරීම්වලදී තරුණයා පවසා ඇත්තේ, පොලිස් ආරක්‍ෂාව සහිත ප්‍රභූ රථ පෙළක් තමා මීට පෙර නොදුටු බැවින් එම රථ පෙළේ දර්ශන තම ජංගම දුරකථනයෙන් පටිගත කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button