දේශීය
එන්නතක් ලබාගැනීමෙන් පසු ඇතිවූ සංකූලතා මත තරුණයෙක් මියයයි

එන්නතක් ආසාත්මිකවීමෙන් තම දරුවා ජීවිතක්ෂයට පත්වූ බවට ඔහුගේ දෙමාපියන් ඇතුලු ඥාතීන් පිරිසක් චෝදනා කරනු ලබනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ගාල්ල – තවලම, හල්විටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි කසුන් දිලාර නමැති ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
අක්මාවේ හටගත් පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.
ඔවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කළේ, පසුගිය සිකුරාදාද ප්‍රතිකාර සදහා ඔහු අපේක්ෂා රෝහල වෙත තනිවම ගොස් ඇති අතර එහිදී ඔහුට එන්නතක් ලබාදී ඇති බවයි.
එන්නත ලබාගැනීමෙන් විනාඩි 10 ක පමණ කාලයක් තුළ මතු වූ සංකූලතා හේතුවෙන් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහුගේ ඥාතීයෙකු සඳහන් කරනවා.