තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක්ව ඝාතනය කරලා

තියුණු ආයුධයකින් ගෙල කපා නිදා සිටි ඇඳ මතදීම කාන්තාවක් ඝාතනය කර ඇති බව හොරණ පොලීසිය පවසනවා.
අද (11) අලුයම හොරණ, මීවනපලාන ප්රදේශයේ සිරිල්ටන් වත්ත ප්රදේශයේ නිවසක් තුළ එම ඝාතනය සිදුව තිබුණා.
එලෙස ඝාතනය කර ඇත්තේ, බංග්ලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිට 57 හැවිරිදි කාන්තාවක්.
මරණකාරිය නැගණියත් සමඟ නිවසේ තනිව වාසය කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ, නැගණිය මීට සති තුනකට ඉහතදී මියගිය කාන්තාවගේ නිවසේ නතර වීමට පැමිණි ඇති බවයි.
ඊයේ රාත්රී 7.30 පමණ කාන්තාවන් දෙදෙනා නින්දට ගොස් ඇති අතර පසුව අලුයම 1.45ට පමණ මුහුණු ආවරණය කරගනිමින් කළු ඇඳගත් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් නිවසට පැමිණ තිබෙනවා.
පසුව අසල්වාසීන් විසින් පොලීසියට කළ දැනුම්දීමක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය කාන්තාව සතු ස්වර්ණාභරණ හා මුදල් ගෙන ගොස් නොමැති අතර, ඇයගේ කාමරයේ තිබූ අල්මාරිය කඩා රෙදි අවුස්සා දමා ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඝාතකයින් නිවසට ඇතුළු වු ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම ඝාතනය කුමක් අරභයා සිදුකළේ ද යන්න සොයා පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.