දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී N.J ඉඳිපොළගේ මහතා සඳහන් කළේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩි ගොස් ඇති බවයි.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයක පමණක් සිදුවන බැවින් දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button