දේශීය

පාසල් දැරියක් දූෂණය කළ සැකකරුවෙක් අත්අඩංගුවට

නෝටන්බ්‍රිජ් 04 කණුව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (30) පස්වරුවේ නෝටන්බ්‍රිජ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය පවසන්නේ සැකකරු මීට පෙරද 09 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කර ප්‍රදේශයෙන් පළාගොස් වසර 10ක පමණ කාලයක් මාවනැල්ල ප්‍රදේශයේ සැඟව සිටි අයෙක් බවයි.

එලෙ​ස සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 05ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇති බවද නෝටන්බ්‍රිජ් පොලීසිය පවසනවා.

සැකකරු ඊයේ උදැසන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පොලීසිය වෙත අත්සන් කිරීමට පැමිණ තිබුණා.

පසුව සැකකරුගේ ඇපයට අත්සන් කළ ඔහුගේ සොහොයුරියකගේ නිවසට ගොස් ඇයගේ දියණිය දුෂණය කර ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඒ අනුව දූෂණයට ලක්වූ දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ල මත මාර්ග බාධක යොදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

දුෂණයට ලක්වූ බව කියන පාසල් සිසුවිය දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නෝටන්බ්‍රිජ් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button