දේශීය

රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුලු වූ සැකකරුවෙකු ඇප මත මුදාහැරේ.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුලුවී එහි විකාශන කටයුතුවලට බාධා සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිසිල් වසන්ත නැමති සැකකරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළා.

ඒ, රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි සැකකරු නිදහස් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින ධානිෂ් අලී ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔවුන් තුන්දෙනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය ලබන මස 26 වනදා වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button