දේශීය
පක්ෂ සභාපතිකම ගැන දයාසිරිගෙන් ප්‍රකාශයක්
ආරුඩ කරගත්ත තනතුරකින් නිමල් සිරිපාල මහතා ඊයේ (03) තමාව පක්ෂයෙන් ඉවත් කොට ලියුමක් එවා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරී ජයසේකර මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ, ශ්‍රීලනිපයේ පක්ෂ සභාපති ලෙස නිමල් සිරිපාල පිළිනොගන්නා බවත් එම කාරණය මේ වනවිට අධිකරණයේ පවතින එකක් බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද(04) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
එලෙස තිබියදී මෙවැනි කටයුතු කරන නිමල් සිරිපාල මහතාගේ නීතියෙ දැනුම ගැන පුදුම නොවන බවද දයාසිරී ජයසේකර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ, එබැවින් පක්ෂයේ සභාපතිවරයෙක් නොමැතිව දේශපාලන මණ්ඩලය රැස් කිරීමට නොහැකි බවත් රැස්වන්නේනම් දේශපාලන මණ්ඩලයේ 15 දෙනෙකු සිටිය යුතු බවයි.
තමන්ව පක්ෂයේ ලේකම් ලෙස අධිකරණය තීන්දු කරලා තිබෙන අතර තනතුරු ගැටළුව විසඳන්නේ අධිකරණයෙන් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා.