දේශීය

අමෙරිකාවේ මානසික රෝහලක වෙඩි තැබීමක්

අමෙරිකාවේ නිව් හැම්ප්ෂයර්හි මනෝචිකිත්සක රෝහලකදී සන්නද්ධ පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගිය ගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කරන්නේ, එහි සිටි ආරක‍ෂක නිලධාරියෙකු මෙහිදී සිදු කළ වෙඩි තැබීමකින් ‍‍අදාළ සන්නද්ධ ප්‍රහාරකයාද මිය ගිය බවයි.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා, ඝාතනයට ලක්වූ පුද්ගලයා හෝ අරමුණක් පිළිබඳව පොලිසිය මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තාවනවා.

නිව් හැම්ප්ෂයර් සෞඛ්‍ය හා මානව සේවා කොමසාරිස් ලෝරි වීවර් අදහස් දක්වමින් කියා සිටියේ රෝහලේ සියලුම රෝගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිත බවත් රෝහලේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

මෙම ඇඳන් 185ක් පමණ ඇති රෝහල, ප්‍රාන්තයේ ප්‍රමුඛතම, උග්‍ර මනෝචිකිත්සක රෝහල” ලෙස හැදින්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button