දේශීය
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරලා

කලවාව – මතුගම මාර්ගයේ නගරය ආසන්නයේදී තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ, ඊයේ (01) පස්වරුවේදී එම පුද්ගල ඝාතනය වාර්තාවී ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ දෙල්ගොඩ,කලවාන ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.
කෙසේවෙතත් පුද්ගලික අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවා.
ඝාතනය සිදුකළ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.