දේශීය
තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ
ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්රදේශයේදී අද (03) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ඊච්චලම්පත්තුව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා මූතූර් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉලංගතුරේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය කර ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව ඊච්චලම්පත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.