දේශීය

නොමිලේ ලබාදෙන WiFi භාවිතය ගැන දැනුම් දීමක්

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ එවැනි ස්ථානවල වයිෆයි භාවිතා කිරීමේ දී පෞද්ගලික තොරතුරු සොරාගැනීම සම්බන්ධයෙන් වන පැමිණිලි රැසක් සිය සංසදය වෙත ලැබී ඇති බවයි.

එබැවින් පොදු ස්ථානවල දී නොමිලේ ලබාදෙන වයිෆයි භාවිත කරමින් අන්තර්ජාල කටයුතු සිදුකිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔහු සදහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස් :

“නොමිලේ ලබා දෙන වයිෆයි සේවාවන් සමගම තවත් පුද්ගලයින්ට පුළුවන් ව්‍යාජ වයිෆයි සේවා ලබා දීලා පොදු මහජනතාව ඔවුන්ගේ සේවාවන් ලබා දීම එම සේවාව හරහා යොමු කරගෙන ඊට පස්සේ ප්‍රවේශවීමට ලබා දෙන මුරපද සහ අනෙකුත් සියලුම තොරතුරු සොරා ගැනීමකට ලක් කරන්න. විශේෂයෙන්ම පොදු ස්ථානවල ඇති වයිෆයි සම්බන්ධතාවයන්වලින් අන්තර්ජාලයට පිවිසීම් සිදුකරනවා නම් කිසිම විටක තමන්ගේ පෞද්ගලික ගිණුම්වලට පිවිසීම, විද්‍යුත් ලිපිනයන්ට ප්‍රවේශවීම සහ ගිණුම් කටයුතු සිදුකිරීම කිසිම වෙලාවක සිදු නොකළ යුතු බව.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button