දේශීය

වාහන ආනයනය ගැන අලුත් දැනුම්දීම​ක්

රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමෙන්ම ඔහු කියා සිටියේ, වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවයි.

අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය මහතා,

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කථා කරලා දැනුම්දීලා තියෙනවා අපි අගොස්තු මාසයෙන් පස්සේ යම් අනු පිළිවෙළකට… පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපබෝගී වාහන වැඩපිළිවෙළක් හදනවා කියලා. ඒ නිසා මේ කමිටුව ජුලි මාසේ 04 වනදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත ඒ කියන්නේ අගෝස්තු මාසයේ දෙවන සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම් සුවිශේෂි අනුපිළිවෙක් කොහොමද අපි වාහන ආනයනය ආරම්භ කරන්නේ මේ රටට ප්‍රශ්නයක් ඇති නොවී.”

“අපි පැහැදිලිව කියලා තියෙනවා තුන්වෙනි කාර්තුව ආරම්භ කරලා පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, මේ වෙනකොට භාවිතා කරන විකල්ප, සාමාන්‍ය වාහන ඉන් එහාට යනවා කියලා. හැබැයි එය ඉතාමත් පිළිවෙළකට මේ වාහන ආනයනය කිරීම සාමන්‍ය ජනතාවට තියෙනවා වගේම මේ තුළින් තවත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඉතාම ගැලපෙන ක්‍රමවේදයක් තුළ මේක විවෘත කරන්න අපි බලාපොරෝතතු වෙනවා.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button