දේශීය

පාසල් – රෝහල් බාධා නැතුව පවත්වන්​න අලු​ත් නීතියක්

පාසල්වල ඉගැන්වීමේ කටයුතු සහ රෝහල් වල රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව නීති හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රජය පවසන්නේ, පාසල් කාල සීමාවන් වලදී  ඉගැන්වීමේ කටයුතු වලට බාධාවන් සිදු වන අයුරින් සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩපණ වන අයුරින් ඇතැම් කණ්ඩායම් විසින් සිදු කරනු ලබන බලපෑම් හා අනිසි ක්‍රියා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර ඇති බවයි.

එවැනි අනීතික ක්‍රියා මඟින් පාසල් සිසු දරුවන්ට සහ රෝගීන්ට සිදු  කරනු ලබන අසාධාරණයන් වැලැක්වීම පිණිස නව නීති හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button