දේශීය

සජබ රැලියක අකරතැබ්බයක් – පොලීසියේ පිරිසක් රෝහලට

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඥා පත්තුකිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් රෝහල් ගතව ඇති බවට වාර්තාවනවා.

ප්‍රචාරණ රැලිය ආරම්භ කරනවාත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා පත්තු කර ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන එම රැලිය මේ වනවිටත් මහනුවර පැවැත්වෙමින් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button