දේශීය

ලාංකි​ක සම්භවයක් ඇ​ති මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

මෙවර මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙන​වා.

ඇය එරට පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ, බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින්.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් නම් ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබෙනවා.

ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් උමා කුමාරන් මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ලැබීම තමන් ලද ගෞරවයක් බවයි.

එමෙන්ම ඡන්දදායකයන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය කෙදිනකවත් කඩ නොකරන බවද ඇය කියා සිටියා.

මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අතරට කාන්තාවන් 11 දෙනෙකුද අයත් වන අතර කැබිනට් මණ්ඩලයේ ඉහළම ධුර ද්විත්වයක් වන උප අගමැති ධුරය සහ පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරයද හිමිව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකුට වීම විශේෂත්වයක්.

ඒ අනුව, 2015 වසරේදී කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇන්ජේලා රේනර් හට බ්‍රිතාන්‍ය උප අගමැති ධුරය හිමි වුණා.

රේචල් රීව්ස්හට පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරය හිමිවූ අතර ඇය වාර්තා අතරට එක්වන්නේ එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button