දේශීය
ලංවිමට මිලියන 162ක පාඩුවක්

විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් මිලියන 162ක අමතර වියදමක් දැරීමට සිදුවී ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබෙනවා.
මේ බව අනාවරණය වී ඇත්තේ, ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.
එම වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවලින් උත්පාදනය කිරීමට තිබූ විදුලි ඒකක කිලෝවොට් 195,000ක් අහිමි වී ඇති බවද එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් කෝප් කමිටු ඊයේ රැස් වු අතර එහිදී මේ බව අනාවරණය වුණා.