දේශීය

මහ බැංකු අධිපතිවරයාගෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්.

“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් මහ බැංකු අධිපතිවරයා මෙහෙයවන සංවාදමය කථිකාවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්වරිය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බව වාර්තාවෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කරන මෙම සංවාදමය කථිකාව 2022 අගෝස්තු 30වන අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගිවීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව ඵලදායී කථිකාවක් සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම සංවාදමය කථිකාව සංවිධානය කොට ඇති බවද වැඩබලන මහ ලේකම්වරිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button