දේශීය

විදුහල්පති සහ ගුරුවරුන් කිහිපදෙනෙක් මාරු කරන ලෙසට  ඉල්ලා බගවන්තලාවේ දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂණයක

බගවන්තලාව කර්කස්වෝල් වත්තේ පිහිටි අංක 2 දමිළ පාසලේ  සිසු සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක් එම පාසලේ,  විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් සිව් දෙනෙකු  වහාම ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා අද (25)  දින පෙරවරුවේ පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක  නිරත වුණා.

එම පාසලේ 01 සිට 11 වසර දක්වා සිසු සිසුවියන් 400 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන බවත් ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සිදු නොකරන නිසා දරුවන්ගේ අධ්‍යාපන තත්වය පහළ  මට්ටමක  පවතින බවත් දෙමව්පියන් චෝදනා කරනවා.

උද්ඝෝෂණයේ නියැලී සිටි දෙමව්පියන් කි චෝදනා කළේ, පාසලේ  විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සිටින නමුත් එම   ආචාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු ඉගැන්වීම් කටයුතු නිසි ලෙස සිදු නොකරන බවයි.

දෙමාපියන් වැඩිදුරටත්  පවසන්නේ, එම ගුරුවරුන් සිව් දෙනා අතර සිටින  එක් ගුරුවරයෙක් පාසල් පැවැත්වෙන දිනයන්හි  පෙරවරු 10ට පමණ පාසලට  පැමිණ ආපසු පස්වරු 01ට පමණ පාසලෙන් පිටව යන බවත්, එම නිසා ආචාර්ය මණ්ඩලය අතර දැඩි  මතභේදාත්මක තත්වයක් ඇතිවී ඇති බවයි.

පසුව උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට  හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිළධාරියා පැමිණ,චෝදනා ලැබ සිටින ආචාර්ය මණ්ඩලයේ සිව්දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු කරන බව දෙමව්පියන්ට පවසා තිබෙනවා.

එම හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිළධාරියා විදුහල්පතිවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති චෝදනා සම්බන්ධයෙන්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට  පැවසීමෙන් පසුව  උද්ඝෝෂණයේ නිරතවූ දෙමව්පියන් පිරිස විසිරී ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button