අල්ලස් ගත් රජයේ නිලධාරියෙක් අත්අඩංගුවට

අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ සේවයේ නිරත රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙක්.
ඊයේ (03) පස්වරු 1.05ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී සැකකාර රාජ්‍ය කළමනාකරණ සහකාරවරයාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලිගමුව බෝයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.
වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත් කර වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගැනීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.