දේශීය

ස්විට්සර්ලන්තය සමඟ ඇඟලුම් ගිවිසුමක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රෙදි පිළි සහ ඇඟළුම් අංශය සඳහා ගෝලීය රෙදිපිළි සහ ඇඟළුම් වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිණිස ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර ව්‍යාපෘති ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබෙනවා.

එම ගිවිසුමට එළඹීම මඟින් ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරමින් ගුණාත්මක හරිත නිෂ්පාදන කරා මාරු වීමේ කාර්යය පාදක කරගෙන රෙදිපිළි ඇඟළුම් සහ කර්‌මාන්තයේ පරිවර්තනයක් සඳහා ගෝලීය රෙදිපිළි සහ ඇඟළුම් වැඩසටහනේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති.

එකී ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආයෝජන ප්‍රර්වධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button