දේශීය

වැල්ලවායේ මාරක අනතුරක්

වැල්ලවාය නුගයාය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් දරුවෙකු තුවාල ලබා තිබෙනවා.

වැල්ලවාය, තණමල්විල මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

මියගිය පිරිස අතර ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 44 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක් 42 හැවිරිදි ඔහුගේ බිරිඳ හා 70 හැවිරදි ඔහුගේ පියා වන බව වාර්තා වෙනවා.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් 11 හැවිරිදි දරුවෙකු තුවාල ලබා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බව පොලීසිය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button