දේශීය

මහ මැතිවරණයට මුදල් වෙන් කිරීම ගැන තීරණයක්

ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මහමැතිවරණ වෙනුවෙන් බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (01) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මුළු වියදම ඇස්තමේන්තු කර ඇති බිලියන 11  ක මුදල අනුව  මහමැතිවරණයට අදාළ ඉතිරි බිලියන 06 ක මුදල 2025 සඳහා අයවැය ලේඛනයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

මහමැතිවරණ වෙනුවෙන් පුර්ව මුදල් වෙන් කිරීමක් පසුගිය අයවැය වෙන් කර තිබුණේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button