දේශීය
වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් තීරණයක්
රාජ්ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ජනපතිවරයා සඳහන් කළේ, මෙම වර්ෂයේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් එය සිදුකළ නොහැකි බවයි.
අද (06) වැල්ලවායේදී ඌව පළාත් ප්රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම වැටුප් වැඩි කළ හැක්කේ ලබන වසරේ අයවැය හරහා බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.